Pages

Tuesday, March 8, 2016

Leprosy - ලාදුරු



Leprosy -  ලාදුරු

      ලාදුරු තුරන් කළත් තවමත් ලාදුරු රෝගීන් අප අතර සිටී. එම නිසා මේ පිළිබඳව දැනුවත් වී සිටීමෙන් රෝගය පැතිරීම වළක්වා ගත හැකිය. නිසි ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් රෝගය නිට්ටාවටම සුව කර ගත හැකිය.



Monday, March 7, 2016

ඔස්ටියෝ ආතරයිටිස් (Osteo Arthritis)


Do you know the function of the Insulin..?


ජීවිතය බැඳ දමන සන්ධි රෝග - II

ජීවිතය බැඳ දමන සන්ධි රෝග - II





රුමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid Artheritis)



        


            න්ධි රෝගය ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඇති වන රෝග තත්වයක් වේ. එහෙත් තත්වය කාන්තාවන් බහුවව මුහුණ දෙන රෝගයක් ලෙස හැඳින්විය හැක.  රෝගය අති වීම සඳහා බලපෑම් කෙරෙන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ අක්‍රමිකතාවයක් හේතුවෙන් නිරෝගී සෛල හා පටකයන් හට හානි සිදු කිරීමට පටන් ගැන්මයි. ඒ සඳහා ප්‍රවේණිගත උරුමය ද හේතු වේ.




       මුලින්ම රෝගයට ලක්වන සන්ධිය ඇඟිලිවල අල්ලට ආසන්න ප්‍රදේශයේ ඇති සන්ධියද, ඉන් පසුව ක්‍රමයෙන් විශාල සන්ධි වෙතද මෙම බලපෑම ඇතිවෙයි.

            මෙහිදී රෝගියා අත් විඳින ප්‍රධාන් අපහසුතාවය වන්නේ දැඩි ලෙස වේදනාවට පත්විම ය
. මුලදී මෙම වේදනාව ඇති වන්නේ රෝගී සන්ධි සෙලවෙන විට දීය. නමුත් පසුව විවේකීව සිටින විටදී ද වේදනාව ඇති වේ. ක්‍රම ක්‍රමයෙන් මෙම වේදනාව තිව්‍ර වේ. උදය කාලයේ රෝගී සන්ධි සෙලවීමට පවා නොහැකි වේ. උදෑසන සන්ධි වල ඇති වන තද ගතිය හා වේදනාව පැය කිහිපයකින් මගහැරෙන අතර මෙලෙස උදෑසන හට ගන්නා තද ගතිය සන්ධි ප්‍රදාහය ඇති බවට කරනා ඉංගියකි.

සන්ධි ප්‍රදාහය අති රෝගියෙකුගේ බහුලව දකිනට ලබෙන රෝග ලක්ෂණ:

  • උණ
  • ආහාර අරුචිය
  • බර අඩු වීම
  • ඇවිදීමට අපහසු වීම
  • සන්ධි ඉදිමීම
  • තද වේදනාව
  • මීට අමතරව; රක්තහීනතාවය, පෙනීම දුර්වල වීම, සමෙහි පැලිම් මතු වීම, පෙනහළු කිහර තුල තරලය එකතු විම, ස්නායු දුර්වල වීම