Pages

Sunday, April 24, 2016

ඔබේ දරුවාත් ටෝටිකෝලිස් තත්වයෙන් පෙලෙනවා විය හැක.


සැලකිලිමත් වීමෙන් සම්පූර්ණ  සුවය ලබාගත හැක.

ටෝටිකෝලිස් යනූ
 අසාමාන්‍ය ලෙස හිසෙහි හෝ බෙල්ලෙහි සිදුවන අසමමිතික පිහිටීමකි. එනම් හිස එක් පැත්තකට හරවා  ඊට විරුද්ධ දෙසට ගෙල ඇදයට තබා ගැනීමයි .

ටෝටිකෝලිස් තත්වය ඇතිවන්නේ කෙසේද…?
වයස් භේදයකින් තොරව මෙම ටෝටිකෝලිස් තත්වය ඇතිවිය හැක.
දරු ප්‍රසූතියේදි සිදුවන අනතුරු, එනම් දරුවා ප්‍රථමයෙන් තට්ටම් ප්‍රදේශයෙන් පිටතට පැමිනීමෙදී දරුවා පිටතට ගැනීමට භාවිතා කරන   අඬු මගින් දරුවාගේ ගෙලෙහි ඇති ස්ටර්නො මැස්ටොයිඩ් නම් පේශිය ( මෙම පේශිය හිස චලනය කිරීමට දායක වේ.) අනතුරකට ලක්වී හිස හැරවීම අපහසුවනවා මෙන්ම පේශියේ තන්තුද ඉදිමීමකටද ලක්වී එම ස්ථානයේ ගෙඩියක් මෙන් දිස්වීමක් දැකිය හැක.  

වැඩිහිටි පුද්ගලයින්ගේ මාංශ පේශීවල ඇතිවන තද ගතියක් නිසාද මෙම තත්වය ඇතිවිය හැක. පේශිය ඉහිල් වීම සදහා ලබාදෙන  වෛද්‍ය හා භෞත චිකිත්සක  ප්‍රතිකාර මගින් සුවය ලබාගත හැකිවේ.

සැලකිලිමත් විය යුතු කරුණු      
දරුවන්ගේ ඇසේ වපර කිරීමක් ඇත්නම් දෙවනුව ටෝට්කෝලිස් තත්වයද ඇතිවීමේ ඉඩකඩ පවතී.
එමෙන්ම ටෝට්කෝලිස් තත්වය ඇති දරුවන්ටද දෙවනුව ඇසේ වපර කිරීමද ඇතිවිය හැක.
දරුවා ඉපදී සති 2 – 3 දක්වා කාලය තුල සැලකීමත් වුවහොත් මෙම තත්වය සම්පූර්ණයෙන් සුවකර ගත හැක.

දරුවා එක් පැත්තක්  පමනක් බැලීමට හා හැරී නිදා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් හා දරුවාගේ ගෙල ප්‍රදේශයේ යම් ගැටිත්තක් දිස්වනුයේනම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගෙන භෞත චිකිත්සක  ප්‍රතිකාර වලට යොමු විය යුතුය.

Click here to Find us on facebook for more Information 

No comments:

Post a Comment